කණ්ඩායම් රැස්වීමට ක්‍රීඩිකාවන් හතක් නෑ 

මේ අතර මේ තරගාවලියට එක් වූ ක්‍රීඩාවේ පරිපාලනයට සම්බන්ධ ඉහළ වගකීමක් ඇති නිලධාරිණියක් තව දුරටත් පුහුණුකාරිය ගේ ගුණ වයමින් ඇය තරුණ පුහුණුකාරියක් බව ප්‍රකාශ කරමින් ඉදිරි වෙරළ තරගාවලිය සදහා ද ඇයගේ සේවය ලබා දීමේ උත්සාහයක නිරත වන බව දැන ගන්නට ඇත.නව තනතුරේ වගකීම භාරගත් සැනින් විදේශ සංචාරයකට සහභාගි වීමට භාග්‍යය උදා වීමෙන් එම නිලධාරිණියට මෙම කරුණා සිත පහළ වී ඇති බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ තැනින් තැන කතා බහ සිදුවන අතර විනය ක්‍රියා මාර්ග ගැනීමට නියමිත ක්‍රීඩිකාවන් වෙනුවෙන් පුහුණුකාරිය දක්වන අනුකම්පා සහගත පිළිවෙතට ද මෙම නිලධාරිණිය ගේ ආශිර්වාදය හිමිවන බවට එම කතා බහ ඔස්සේම වාර්තා වෙයි.
මේ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරිණියක් සුපිරි ක්‍රීඩා හී පළ වූ තරගාවලියේ දත්ත ආශ්‍රිත පොත නැතිවීම උපුටා දක්වමින් ඒ හා සමාන අතීත කතාවක් ද ප්‍රසිද්ධ කරමින් සිටින බව දැන ගන්නට ඇත. මෙම කණ්ඩායමට නිලධාරිණියක ලෙස සම්බන්ධ වූ අයෙක් ක්‍රීඩිකාවක ලෙස සහභාගි වූ සංචාරයක දී යම් විනයානුකූල නොවන ක්‍රියාවක යෙදුණු බවත් එම සංචාරයේදී ද මේ ආකාරයෙන්ම කළමණාකරු දත්ත ඇතුළත් කර තිබූ පොත නැති වූ බවත් එම නිලධාරිණිය පෙන්වා දෙයි.නමුත් එම කළමණාකාරිය සකස් කළ පිටපත එදා සිටි වගකිවයුත්තන්ට භාර දී ඇති බවත් තවමත් ඇය සතුව එම වාර්තාවේ පිටපත ඇති බවත් එම නිලධාරිණිය පෙන්වා දෙයි.